No comments yet

නමෝ බුද්ධාය

ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද නිසැකවම සැපයට පත් කරවයි. එනිසා එ් ධර්මය මනාකොට ඉගෙන ගැනීමෙන්, ධාරණය කරගැනීමෙන් එ් අනුව තමන්ගේ සිත කය වචනය හසුරුවා ගැනීමෙන් එහි ප‍්‍රතිඵල තම තම ශක්ති පමණින් ලබාගත හැකිය. කලක් මුළුල්ලෙහි කම්කටොළු මධ්‍යයෙහි නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප විසින් ද පවසාගෙන යනු ලැබේ. එහි ප‍්‍රතිඵල වශයෙන් බොහෝ දෙනෙක් ශ‍්‍රද්ධා සම්පන්න බවට පත්වූහ.

රූපවාහිනී මාධ්‍ය මගින් දහම් වැඩසටහනක් පැවැත්වීමේ අවශ්‍යතාවය අප අතර සාකච්ඡාවට බඳුන් විය. එහිදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟින් ටීඑන්එල් රූපවාහිනී නාලිකාව තුළින් සෑම බ‍්‍රහස්පතින්දාවකම ‘නමෝ බුද්ධාය’ නමින් දහම් කතිකාවතක් ආරම්භ කරන ලදී. මේ වන විට බොහෝ දෙනෙකුගේ සැදැහැබර දායකත්වයෙන් යුතුව එය ප‍්‍රචාරය වී ඇත.

‘නමෝ බුද්ධාය’ දහම් කතිකාවතෙහි අන්තර්ගත දහම් කොටස් පරිශීලනය කිරීම තුළින් බොහෝ දෙනෙකුට යහපත උදාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Post a comment